අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීනීඥ අලි සබ්රි සහ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේ ප්‍රධාන විෂය කාරණා හතක් සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කර මෙම සාකච්ඡාව සිදු විය.
අත්අඩංගුවට ගන්නා වූ මත්ද්‍රව්‍ය සාම්පල රඳවාගෙන තොග විනාශ කිරීම අවශ්‍ය නීති සැකසීම සම්බන්ධව එහිදී විශේෂ අවධානය යොමු විය.
එසේම මත්ද්‍රව්‍ය කුලකය සඳහා අළුතින් එකතු වී ඇති අයිස්, කෘත්‍රිම මත්ද්‍රව්‍ය සම්බන්ධව නීති ප්‍රමාණවත් නොවන නිසා විධිමත් අයුරින් නීති සංශෝධනය කිරීම කෙරෙහි ද සාකච්ඡා කර තිබේ. එසේම වින්දිතයන්ට සිදු විය හැකි අතිරේක හානි වැළැක්වීම සඳහා විශේෂයෙන්ම ළමයින් හා කාන්තාවන්ට සිදු වන අපරාධ සම්බන්ධ නීති කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා නීති සැකසීමටද සාකච්ඡා සිදු විය.
තම ජීවිත අවධානය නොතකා සිදු කරන මත් ද්‍රව්‍ය වැටලීම්වලදී පොලිස් ත්‍යාග අරමුදලට එක් වන මූල්‍ය ප්‍රතිශතය ඉහල දැමීම, දුරකථන සිම්පත් ලියාපදිංචිය ක්‍රමවත් කිරීම හා මුදල් විශුද්ධිකරණ පනත ශක්තිමත් කරමින් දේපල සම්බන්ධ නව නීති සැකසීමටත් මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාව සඳහා අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා, පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු නිළධාරී පිරිසක් ද සහභාගී විය.