ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, තිරසර සංවර්ධනය, මැතිවරණ ක්‍රමය සහ එහි සංශෝධන, පාර්ලිමේන්තු වාර්තාකරණය සහ ජනමාධ්‍ය, මහජන සබඳතාව හා ශ්‍රී ලාංකේය කාන්තා දේශපාලනයේ ප්‍රවණතා යන අංශ ගණනාවක් ඔස්සේ ශාස්ත්‍රීය ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වතුන් රැසකගේ ලිපි මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතය.
පසුගිය 08 වැනිදා එළි දක්වන ලද “පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය සංග්‍රහය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ලෙස පුස්තකාල සහ අවශ්‍ය පාර්ශව වෙත ලබා දීම දැනටමත් ආරම්භ වී ඇති අතර මේ වනවිට එහි තෙවන වෙළුම සඳහා ද ලිපි කැඳවීම ආරම්භ වී තිබේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා/අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එච්.ඊ ජනකාන්ත සිල්වා මහත්වරු එක්ව සිටියහ.