පිළියන්දල පොලිස් වසමේ පිහිටි මෙම නිවසට අද අළුයම යම් නාඳුනන පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් සමඟ යම් අපද්‍රව්‍යයක් එල්ල කර ඇතැයි දැනට අනාවරණය වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධව තොරතුරු ලැබුණු අවස්ථාවේ සිට විමර්ශන ආරම්භ කළ බවත් පොලිස්පතිවරයාගේ සෘජු උපදෙස් අනුව පොලිස් කණ්ඩායම් කීපයක් ක්‍රියාත්මක බවත් නොකඩවා විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.