මෙහිදී දිවයිනේ විශිෂ්ටතම කුඩා පරිමාණ නිෂ්පාදන කර්මාන්තය, දිවයිනේ විශිෂ්ටතම මහා පරිමාණ/මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්තය හා දිවයිනේ විශිෂ්ටතම යන්ත්‍රසූත්‍ර නිෂ්පාදක මෙම සම්මාන උළෙලේ ඉහළතම සම්මානය වන 'ප්ලැටිනම් සම්මානයෙන්' පිදුම් ලබයි.
එසේම මහා පරිමාණ /මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත අංශයෙන් ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 20ට අදාළව ස්වර්ණ සම්මාන 20ක් , රජත සම්මාන 20ක් හා ලෝකඩ සම්මාන 20ක් පිරිනැමීමට නියමිතය. තවද කුඩා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත අංශයෙන් ද ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 20ට අදාළව ස්වර්ණ සම්මාන 20ක් , රජත සම්මාන 20ක් හා ලෝකඩ සම්මාන 20ක් ප්‍රධානය කෙරෙනු ඇත. ක්ෂුද්‍ර පරිමාණ නිෂ්පාදන කර්මාන්ත අංශයෙන් , ජාතික මට්ටමින් ස්වර්ණ සම්මානයක් , රජත සම්මානයක් හා ලෝකඩ සම්මානයක් ද පිරිනැමීමට පියවර ගෙන ඇත.
මෙම 'ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022' උළෙලේදී ඉහත මහා පරිමාණ/මධ්‍ය පරිමාණ, කුඩා පරිමාණ හා ක්ෂුද්‍ර පරිමාණ අංශ තුන යටතේ මෙරට කර්මාන්තකරුවාගේ භූමිකාව ඇගයීමට අමතරව මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය දිරිගැන්වීමට එම ක්ෂේත්‍රෙය් කර්මාන්ත 03ක් සහ රාජ්‍ය අංශයේ නිෂ්පාදන කර්මාන්ත දිරිගන්වීමට රාජ්‍ය සමාගම් 03ක් ද විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලබයි.
'ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022' උළෙලේදී මෙරට කර්මාන්ත ක්ෂේත්‍රෙය් විශිෂ්ටයෝ 132 දෙනෙක් රටට අගය එකතු කිරීමේ සිය ප්‍රශස්ත භූමිකාව වෙනුවෙන් සම්මානයට පාත්‍ර වෙති.