මෙම නව සේවා ස්ථානයේ සිට රාජකාරි ආරම්භ කිරීම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේදී සිදු කෙරෙන අතර එම අවස්ථාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ සහ කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ද සහභාගිවීමට නියමිතය.
ඒ අනුව අද සිට ජා ඇල කම්කරු කාර්යාලයෙන් සේවාවන් ලබා ගන්නා මහජනතාවට අංක 914 බී 1,රන්මල් ගොඩනැගිල්ල,කොළඹ පාර,වැලිගම්පිටිය,ජා ඇල ලිපිනයේ පිහිටි නව සේවා ස්ථානයට පැමිණීමෙන් සිය
සේවාවන් ඉටුකර ගැනීමේ අවස්ථාව උදාවන බව කම්කරු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ජා ඇල කම්කරු කාර්යාලය මගින් වත්තල,ජා ඇල සහ මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ තුනට අයත් පෞද්ගලික අංශයේ ආයතන 6300 කට අධික ප්‍රමාණයක සේව්‍ය සේවක පිරිසක් අවරණය කෙරෙන බව ද කම්කරු අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.