දුමින්ද ප්‍රියදර්ශන මහතා එසේ ප්‍රකාශ කළේ ,(14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ වී අස්වනු මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්චාවට එක්වෙමිනි.
මෙවර මහකන්නයේ දී රජය අපේක්ෂා කළාට වැඩි වී අස්වැන්නක් ලැබී තිබෙන බව දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේය. රාජ්‍ය මැදිහත් වීම මත ගොවීන්ට ද ඉතා සාධාරණ ඉහළ සහතික මිලක් යටතේ වී අලෙවි කිරීමට හැකියාව ලැබී තිබේ.
නාඩු වී කිලෝවක් රුපියල් 90කට, සම්බා වී කිලෝවක් රුපියල් 92කට, කීරී සම්බා කිලෝවක් රුපියල් 95කට රජය මිල දී ගනී . ගෙවන මිලට අමතරව වී කිලෝවකට රුපියල් 2 බැගින් ප්‍රවාහන ගාස්තුවක් දීමටත් රජය තීරණය කර ඇති බව දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩලයට සෘජුවම තෙත වී මිලදී ගැනීමේ හැකියාවක් නැත. තෙත වී තොග සහතික මිලට රුපියල් 6ක් අඩුවෙන් රජය මිලදීගනී. වී වියළීමට අවශ්‍ය පහසුකම් ඇති සුළු හා මධ්‍ය පරිමාණ මෝල්වලට මේ වී තොග ලබා දී ප්‍රමිතියෙන් යුතු වී තොග වී අලෙවි මණ්ඩලයට සැපයීමට නව ක්‍රම හඳුන්වා දී තිබේ.
වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන යටතේ වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 3ක ඉලක්කයක් කරා යාම රජයේ අපේක්‍ෂාවයි. වී තොග ගබඩා කිරීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් ද රජය සතුව පවතී. වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 3 1/2 ක් ගබඩා සංචිතයක් වී අලෙවි මණ්ඩලයට සතුව පවතින අතර වී මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය මඟින් ලබා දෙනු ඇත. එසේම පසුගිය සති දෙක තුල වී මෙට්‍රික් ටොන් 35,000කට ආසන්න ප්‍රමාණයක් වී මිලදී ගෙන ඇතැයි ද වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා වැඩිදුරටත් පැවසුවේය.