මහරගම සංවර්ධන කමිටුවේ සභාපතිවරයාද වන, අමාත්‍යවරයා, මේ බව කියා සිටියේ, දිවයින පුරා සමෘද්ධි ප්‍රතිලාභීන් හට අය වැයෙන් වැඩි කළ 28% ක දීමනාව ලබා දීමේ මහරගම වැඩසටහනට, ඊයේ (14) වත්තෙගෙදර සමෘද්ධි බැංකු පරිශ්‍රයේදී එක්වෙමිනි.
මෙම අවස්ථාවට මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොළ මහත්මිය, මහරගම නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා මෙන්ම රාජ්‍ය නිලධාරීහු, ප්‍රාදේශීය මහජන නියෝජිතයෝ, සමෘද්ධිලාභීහු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මෙහිදී අමාත්‍යවරයා මෙසේද කීය.
" ශ්‍රී ලංකාවේ පළමු වතාවට ගමට අය වැයක් ලබාදුන්නේ, 2022 අය වැයෙන්. සෑම ගමක් ම අවධි කිරීමට, උත්සාහවන්ත වන සෑම පුරවැසියෙක් ම ශක්තිමත් කිරීමට, මේ අය වැයෙන් පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු ඇතුළු ආයතනවල මුදල්වලින් කොටසක් ගමට වෙන්වනවා. අපි හිස ඔසවන ජාතියක් බවට පත්විය යුතුයි. අනෙක් අයගේ සෙවනැල්ලේ සැමදාම ජීවත්විය නොහැකියි. සියලු පුරවැසියන්ට නිෂ්පාදනයට දායක වී ආර්ථිකයේ කොටස්කරුවෙකු වීමට රජය අවස්ථාව සලසා දී තිබෙනවා. සමෘද්ධි බැංකු කඩදාසි පුරවන කාලය අවසන් කර, විශ්වාසය හා සහතිකවීම මත, ජංගම දුරකථනය උපයෝගී කරගෙන ගනු දෙනු කරන, නවීන ලෝකයට එක්විය යුතුයි. "