පසුගිය සභාවාරයේ කැඳවීමට නියමිතව තිබූ එහෙත් කැඳවීමට නොහැකි වූ ආයතන ද මේ අතර වේ.
මේ අනුව ලබන පෙබරවාරි 23 වැනිදා භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය ද පෙබරවාරි 24 වැනිදා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ද කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. මේ අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලය මාර්තු 10 වැනිදා ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මාර්තු 11 වැනිදා ද කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත.
තවද මාර්තු 23 වැනිදා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ද මාර්තු 24 වැනිදා අපනයන සංවර්ධන මණ්ඩලය ද මාර්තු 25 වැනිදා මහජන බැංකුව ද කෝප් කමිටුවට කැදවා ඇත. 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පසුගිය 10 වැනිදා පැවති පළමු කෝප් රැස්වීමේදී නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නැවත තේරී පත්විය.