අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධයවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 2000 – 2100 බව කී අමාත්‍යවරයා, දවසේ සවස 6ත් 10ත් අතර කාලය විදුලි අර්බුදයට ලක්වන කාලසීමාව බවද එම කාලසීමාවේ සෑමදෙනාම විදුලිය පරිභෝජනය ගැන සැළකිලිමත් වෙමින් අනවශ්‍ය ලෙස පරිභෝජනයෙන් බැහැරවී අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු බවද පැවසීය.
දේශපාලඥයන්, මාධ්‍ය ආදී සියලු පාර්ශවයන් පුරවැසි වගකීමක් ලෙස සළකමින් මෙම කැපකිරීම කළ යුතු බවත්, ප්‍රතිපත්ති සම්පාදකයන් වශයෙන් දේශපාලනඥයන් මෙම කැපකිරීම සිදුකර සමාජයට පෙන්විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.