පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජනපති නිරීක්ෂණයට

    පෙබරවාරි 19, 2022

    කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හදිසි නිරීක්ෂණයට ලක් විය.

    විදුලිබල උත්පාදනයට ජල, සූර්ය ශක්තිය, සුළං වැනි පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගැනීමට ඇති හැකියාව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සෘජුව හමු වී තොරතුරු විමසා බැලීම ජනාධිපතිතුමාගේ මෙම හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණයි.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව 2030 වන විට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම රජයේ අරමුණ වී තිබේ. එමෙන්ම රට තුළ උද්ගතව ඇති වත්මන් බලශක්ති අර්බුදයට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙටිකාලයක් තුළ දායක කරගැනීමට ඇති හැකියාව සොයා බැලීම ද මෙහිදී සිදු වේ.

    අලුතින් ඇරඹීමට ඉල්ලුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේ දී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳ සොයා බැලීම මෙම චාරිකාවේ තවත් අරමුණකි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya