ඉන් අනතුරුව ඉහත ප්‍රදර්ශනයන් දෙක අමාත්‍යවරයාගේ සුරතින් විවෘත කෙරිණි.
මෙම ප්‍රදර්ශනයන් අද සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට සමගාමීව කර්මාන්තකරුවන්ට ඇසුරුම්කරණ හා මුද්‍රණ කර්මාන්තයන්හි නව තාක්ෂණික දැනුම ලබාදීම ඉලක්ක කරගත් සම්මන්ත්‍රණයන් දෙකක් ද පැවැත්වීමට නියමිතය.
ඉහත සමාරම්භක උළෙල අමතා ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනයේ(SLIP) සභාපති රොහාන් විජේසිංහ, ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ(SLAP) සභාපති පීටර් ඩෙකර් යන මහත්වරු ද අදහස් දැක්වූහ.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.