මෙහිදී ශ්‍රී ලංකාව හා තුර්කිය අතර අතීතයේ සිට පැවතෙන වැදගත් සංස්කෘතික සබඳතා දෙරටේ මිත්‍රත්වය වර්ධනය කිරීමට හේතු වූ ආකාරය ගැන සාකච්ඡා කෙරෙණි. තවද දෙරට අතර ආර්ථික දේශපාලන හා ආරක්ෂක සබඳතා වර්ධනය කරගැනීමට ඇති අවස්ථා සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණ.
තුර්කි රාජ්‍ය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා ඉදිරියටත් සහාය දෙන බව තානාපතිනිය ප්‍රකාශ කළාය.දෙරට අතර පවතින ද්විපාර්ශවීය සබඳතා වර්ධනයට මෙම හමුව මහත් රුකුලක් විය.