ජනමාධ්‍ය ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (20) තිහගොඩ, කෝමංගොඩ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කඹුරුපිටිය කාන්තා බලමණ්ඩලය ඇමතූ අවස්ථාවේදීය.
කාන්තා බල මණ්ඩල නියෝජනය කරමින් කාන්තාවෝ 500 ට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. අපි සමෘද්ධි සහනාධාරය ගැන කතාකරනවා ඒ වගේම අපි ත්‍රස්තවාදය ගැන කතාකරනවා, අන්තවාදය ගැන කතාකරනවා, රැකියා නැති අපේ දූලා පුතාල ගැන කතාකරනවා. ඒ සියල්ලටම හේතුව කුමක්ද? ඒකට හේතුව තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබුණු වැරදි අඩුපාඩු බව බල මණ්ඩල නියෝජිතයින් අමතමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
“දකුනු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා රටක් විනාශ කල හැකි ආකාර දෙකක් පැවසූවා. එකක් තමයි රටේ අධ්‍යාපන ක්‍රමය අවුල් කිරීම. දෙවැන්න තමයි එම රටේ විභාග ක්‍රමය අවුල් කිරීම. රටක් විනාශ කිරීමට එය හොඳටම ප්‍රමාණවත්. සංවර්ධිත රටවල දරුවන් දේශපාලකයන් පසුපස යන්නේ නැහැ රැකියා බලාපොරොත්තුවෙන්. ඒ රටවල හොඳ ආර්ථිකයක් සමග රැකියාවක් කළ හැකි අධ්‍යාපනයක් දරුවන්ට ලබාදී තිබෙනවා. අපිත් ඒ මට්ටමට අපේ අධ්‍යාපනය රැගෙන ආයුතුයි. ඒනිසා මම සැමදා මුල්තැන ලබාදුන්නේ දරුවන්ගේ අධ්‍යාපනයටයි.
2019 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ පැවතියේ ජාතික පාසල් 373යි. ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබූ සුවිශේෂම කාරණයක් තමයි ශ්‍රී ලංකාවේ ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා ඉහල නැංවීම. මම ජනාධිපතිතුමාට යෝජනා කලා මෙම ජාතික පාසල් 1000 ක්‍රියාත්මක කරන විට එකඳු ජාතික පාසලක් හෝ නොමැති කොට්ඨාස වලට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස. ඒ යටතේ කිරින්ද පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයත්, පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලයත්, යටියන මධ්‍ය මහා විද්‍යාලයත්, හක්මන මෙතෝදිස්ත විද්‍යාලයත් දැනටමත් අපි ජාතික පාසල් බවට පත්කර අවසානයි.
පසුගිය කාලයේ පාසල් වැසීම දරුවන්ගේ අධ්‍යාපන වැඩවලට බෙහෙවින් බල පෑවා. අපිට නැවතත් පාසල් වැසිය නොහැකියි. පාසල් වහන්න සිදු වුනොත් එය දරුවන්ගේ අනාගතයට බරපතල ලෙස බලපානවා. මේ සියල්ලම අපි සිදු කරනුයේ , කැප කරනුයේ දරුවන් වෙනුවෙන්. ඒක අපේ ආණ්ඩුවේ මූලික වගකීමක්.” අලහප්පෙරුම මහතා කිවේය.
“රටට ප්‍රධාන වශයෙන් විදේශ විනිමය රැගෙන එන ආකාර තුනයි තියෙන්නේ. පළවෙනි එක තමයි විදේශ රැකියා. ලක්ෂ 18ක් පිටරට රැකියාවල නිරත වෙනවා. ඉන් වැඩිම පිරිස කාන්තාවන්. දෙවන එක ඇඟලුම් කර්මාන්තය. ඇඟලුම් ක්ෂේත්‍රයෙත් 95%ක්ම ඉන්නේ කාන්තාවන්. තුන්වන අදායම් මාර්ගය තමයි තේ අපනයනය. එම ක්ෂේත්‍රයෙත් වැඩිපුරම ඉන්නේ කාන්තාවන්. එතකොට මේ රටට ආදායම ගේන ප්‍රධාන මූලයන් තුනේම වැඩිපුරම ඉන්නේ කාන්තාවන් බව පැහැදිලිව පේනවා. ඒවගේම සංවර්ධිත රටවල් වගේම ශ්‍රී ලංකාවේ ඉහලටම ආපු ක්ෂේත්‍ර දෙකක් තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය හා අධ්‍යාපන ක්ෂේත්‍රය මෙම ක්ෂේත්‍ර දෙකෙත් වැඩිපුරම ඉන්නේ කාන්තාවන්. ඒ අනුව ආර්ථිකයේ සාර්ථකත්වය රඳා පවතින්නේ කාන්තාවන් අතේ, කාන්තාවන්ට ගරු කරන, ළමුන්ට ගරුකරන සමාජයක් වෙනුවෙන් තව දුරටත් අපි ඉදිරියට යා යුතුයි.” අමාත්‍යතුමන් වැඩි දුරටත් පැවසුවේය.
මෙම අවස්ථාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය කේශිලා ජයවර්ධන මහත්මිය, හිටපු ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය, පාර්ලිමේන්‍තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා සහ ප්‍රාදේශීය
දේශපාලඥයින් රැසක් සහභාගී වූහ.