පාර්ලිමේන්තුව අද (22) සිට 25 දක්වා රැස්වීමට අද (17) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මේ අනුව අද (22 වැනිදා) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතය.
පෙබරවාරි 23 වැනිදා පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය ගෙන එන යෝජනාවකට අනුව සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකඟ වී ඇති බවද මහලේකම්වරයා පැවසීය.
පෙබරවාරි 24 වැනිදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනවර කියවීම), ගස් හෙලීම (පාලනය කිරීමේ) පනත යටතේ නියමයක්, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි පහක් සහ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයක් විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය.
මේ අතර පෙබරවාරි 25 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පිළිබද ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට වෙන්වී ඇත. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වන ආනන්ද රත්නායක (පොළොන්නරුව දිස්ත්‍රික්කය), ආර්.ආර්.ඩබ් රාජපක්ෂ (කුරුණෑගල දිස්ත්‍රික්කය), සෝමවීර චන්ද්‍රසිරි (ජාතික ලැයිස්තුව), පී.බී දිසානායක (අනුරාධපුර දිස්ත්‍රික්කය) සහ එච්.ආර් මිත්‍රපාල (කෑගල්ල දිස්ත්‍රික්කය) යන මහත්වරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට අභාවප්‍රාප්ත එක් මන්ත්‍රීවරයෙක් සදහා මිනිත්තු 75 බැගින් කාලය වෙන් කර ඇත.
ඒඅනුව එදින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, ස්ථාවර නියෝග 27 (2) යටතේ පක්ෂ නායකයන් විසින් අසන ප්‍රශ්න, සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සහ සභාව කල් තබන අවස්ථාවේ විවාදය සදහා කාලය වෙන් නොවේ. මේ අතර පෙබරවාරි 22 වැනිදා සිට 24 වැනිදා දක්වා සෑම දිනකම පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.
එසේම පෙබරවාරි 22 සහ 24 දෙදින ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට ද නියමිතය.