සෑම වසරකම පෙබරවාරි 21 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය සාමය ස්ථාපනය කිරීම, බහු භාෂා භාවිතාව ප්‍රවර්ධනය සහ ලොව පුරා ඇති මවු භාෂා ආරක්ෂා කිරීමේ අරමුණු කරගනිමින් පැවැත්වෙයි.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය එක්ව මෙවර ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය සංවිධානය කර තිබිණි.
මවු භාෂාව රැක ගැනීම වෙනුවෙන් දිවි දුන් පුද්ගලයන් සිහිකරමින් මෙහි දී අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස උත්සව සභාව ආරම්භයේ දී මිනිත්තුවක නිශ්ශබ්දතාවයක නිරත වූහ.
“මව, මවු භාෂාව, මාතෘභූමිය” මෙවර සැමරුමේ ප්‍රධාන තේමාවයි. මෙම වටිනා වස්තු තුන රැක ගැනීමට අපගේ උත්සාහයන් අලුත් කරමු යන්න මෙවර සැමරුම් උත්සවයේ ප්‍රධාන පණිවුඩයකි.
ජාත්‍යන්තර මාතෘ භාෂා දිනයට සමඟාමීව “මව, මවු භාෂාව, මාතෘභූමිය” යන තේමාවෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැති රචනා සහ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන් 15 දෙනෙකුට මෙහි දී ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කළ අතර චිත්‍ර තරගය ජයග්‍රහණය කළ සිසුන් තිදෙනා අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ත්‍යාග හා සහතික පත්‍ර ලබා ගත්හ.
පැපිලියාන රජ මහා විහාරයේ විහාරාධිපති වැල්ලම්පිටිය සුමන ධම්ම ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද මෙහි වැඩම කර සිටියහ.
ඉන්දියාව, බංග්ලාදේශය, රුසියාව, මාලදිවයින සහ ප්‍රංශයේ සංස්කෘතික අංග සහ සිංහල සහ දමිළ ගීත නිර්මාණවලින් මෙම උත්සවය වර්ණවත් විය.
අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තරෙක් අරිෆුල් ඉස්ලාම් මහත්වරු ඇතුළු තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, ලෝක කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ නිත්‍ය නියෝජිත සිම්රින් සින් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.