අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ශ්‍රී ලංකාව ගතවූ වසර 50 ක කාලය තුළ 29 වාරයක් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ලබා ගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා, රජය අන්තර්ජාතික අරමුදල සම්බන්ධව දැඩි මතයක නොසිටින බව පැවසීය.
ඔවුන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය විවෘතභාවය ලබා ගැනීමට අවශ්‍ය තීන්දු රජය ගෙන ඇති බවත් වැඩිදුරටත් පැවසීය. ඉදිරියේදී රටට වඩාත් යහපත් තත්වයක් ඇති විය හැකි බවත් විදේශ ප්‍රේෂණ ලැබීම සහ සංචාරක කර්මාන්තය ශක්තිමත් වීමෙන් රටේ ආදායම් ඉහළ යනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
මේ සියල්ල ඉතා ක්‍රමානුකූලව සිදු වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.මාසයකින් දෙකකින් මෙම අර්බුදය විසඳිය නොහැකි බව පෙන්වාදෙන අමාත්‍යවරයා, රටේ අපනයනවලට වඩා ආනයනය සඳහා දෙගුණයක මුදලක් වැය වන බවත් නිෂෟපාදන ආර්ථිකය වැඩිදියුණු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බැවින් රටේ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම රට තුළ නිෂ්පාදනය කෙරෙන බවත් අමාත්‍යවරයා පැවසීය.