ඩාර්ට් ග්ලෝබල් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාරයක් ලෙස මෙම උපකරණ බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ නව ශල්‍ය ප්‍රතිකාර ඒකකය වෙත පිරිනැමීම සිදුකළ අතර එහිදී මෙම සමාගම් සමූහ අධ්‍යක්ෂ ජූඩ් විජේසුන්දර සහ කළමනාකරණ අධ්‍යක්ෂ රොමේෂ් විජේනායක යන මහතුන් විසින් බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ශාන්ති කුඹුරේගෙදර මහත්මිය වෙත අදාල උපකරණ සංකේතාත්මකව ප්‍රදානය කිරීම සිදුවිය.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.