ශ්‍රී ලංකාව පිළිබඳ අප්‍රකට පුරාවෘත හෙළි කරමින් ලෝකයේ බොහෝ සංචාරකයන් විසින් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන සංස්කෘතිකමය හා සුවිශේෂි කතාන්තර ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වන අතර මෙරට සුවිශේෂි ස්ථාන සම්බන්ධයෙන් වාර්තාමය වැඩසටහන් ගතකරමින් ලොව පුරා සංචාරකයන් ආකර්ශනය කරගැනීමට මෙමගින් කටයුතු කෙරේ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සංචාරක සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ නව සංචාරක ප්‍රවනතාවය වන්නේ කොළඹ වැනි තදාසන්න ප්‍රදේශවලින් පිටතට ගොස් වන පෙදෙස් හා ග්‍රාමීය ප්‍රදේශ මෙන්ම ක්ෂේත්‍ර චාරිකා සිදු කිරීම බවත්, මේ සම්බන්ධයෙන් අද වන විට මෙරටට පැමිණෙන සංචාරකයන් වැඩි උනන්දුවක් දක්වන බවත්, “One Island A thousand treasures” වැඩසටහන ඒ සඳහා මහඟු පිටිවහලක් වනු ඇති බවත්ය.
මෙම අවස්ථාවට එක්වූ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ මෙම නව වැඩසටහන තුළ වර්ධනය වෙමින් ඇති නිර්මාණාත්මක අන්තර්ගතය හා සිත්ගන්නා සුළු කතාන්තර ඉදිරිපත් කිරීමේ ප්‍රවනතාව නිසාම එමගින් වඩාත් සංචාරක ආකර්ෂණයක් දිනා ගැනීමට සුවිශේෂී හැකියාවක් ඇති බවයි.