ඔහු මේ බව කියා සිටියේ කලුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, ඉහළ හෙවැස්ස, ශ්‍රී ජිනේද්‍රාරාම විහාරස්ථානයේදී පවත්වනු ලැබූ සුවධරණී ඔසු ගොවි ගම්මාන වැඩපිළිවෙලේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.
අලි මිනිස් ගැටුම් අවම කිරීම උදෙසා ගම්මාන ආශ්‍රිතව පවතින කිලෝමීටර් 3000ක් පමණ වන අලි වැටවල් ආශ්‍රිතව වන අලීන් රුචිකත්වයක් නොදක්වන කටුවැල්බටු, සැවැන්දරා, ඉරමුසු ඖෂධ වගා කිරීමට කටයුතු කරන බවත්, ඒ සදහා ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙලක් ලෙස එම ප්‍රදේශයන්හි ජනතාව සහභාගී කරගනිමින් ඔසු වගා තාක්ෂණය සහ අනෙකුත් පහසුකම් සැපයීමෙන් අනතුරුව එම ඖෂධීය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සිදුකරන බව ප්‍රකාශ කළේය.
මෙම වැඩපිළිවෙල දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය සහ වනජීවී රාජ්‍ය අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන අතර එහි නියමු ව්‍යාපෘතියක් අම්පාර හිමදුරාව ගම්මානයේ අලුතින් ආරම්භ කර අලි විදුලි වැට ආසන්නයේ ආරම්භ කර ඇත. එමගින් වන අලීන් අලි වැට කඩා දැමීම වැළැක්වීම අපේක්ෂා කරන අතර නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත එම වැඩපිලිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.