රජගල පුරාවිද්‍යා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ මතුව පවතින ගැටළු සඳහා විසඳුම් සෙවීම ආදී කරුණු පිළිබඳව නිලධාරිහු මෙහිදී සාකච්ඡා කළ අතර, ඉතා වටිනා පුරාවිද්‍යාත්මක සාධක රැසක් පවතින මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කර ජනතාව වෙත විවෘත කරන්නැයි විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ ය.
අම්පාර රජගල පුරාවිද්‍යා භූමිය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංයේ ලේකම් නිශාන්ති ජයසිංහ,පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න බී. රත්නායක,මහාචාර්ය පී.බී.මණ්ඩාවල,මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි,මහාචාර්ය පත්මසිරි කන්නන්ගර,මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී එච්.එම්.එන්.සී. හේරත්,සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) බී.එම්.ඒ. පී. බස්නායක,ගවේෂණ සහකාර අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු,කැනීම් සහකාර අධ්‍යක්ෂ ශමින්ද පෝරඹගේ,ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.