පසුගිය වසර දෙක තුළදී සංචාරකයන් මෙරටට පැමිණීම අඩු වීම හේතුවෙන් මෙම කර්මාන්තකරුවන් යම් යම් ගැටළු වලට මුහුණ දුන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වන විට සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් ඇති බැවින් ඉදිරියේ දි ගැටළුවලට මුහුණ දීමට සිදු නොවනු ඇතැයිද කීය.
මෙරට උණ ලී ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් මේ වන විට කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
උණ ලී ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්, ඒම උණ ලී ප්‍රවාහනයේදී යම් යම් ගැටළු වලිට මුහුණ දෙන බවත් එම ගැටළු අවම කිරීම සඳහා ඉදිරියේදී උණ ශාකය , තෘණ ශාක වර්ගයට අයත් ශාකයක් ලෙස නම්කර අදාළ පනත් සංශෝධනය කරන ලෙස වන සංරක්ෂණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක් වූ වේවැල් පිත්තල මැටි ලි බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ, මෙරට උණ ලී ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් ඒම ක්ෂේත්‍රයේන් ඉවත් වීමේ ගැටළුවක් නොමැත් බවත් මේ වන විටත් ජාතික ශිල්ප සභාවේ උණ ලී ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් 428 දෙනෙකු ලියාපදංචි වී සිටින බවයි.
විශේෂයෙන්ම මෙම උණබට ප්‍රවාහනයේදී විශාල ගැටළු පැන නැගී ඇති බවත් ඒ සඳහා ප්‍රවාහන බලපත් ලබා දීමේදී ක්‍රමවේද සරළ කිරීමට කටයුතු කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්ළු කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
තවද මේ වන විට විවිධ ප්‍රදේශයන්හි උණ පැළ වගා කිරීමටද කටයතු කර ඇති බවත් මහවැලි සංවර්ධන අධිකාරිය සහ තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක උණ පැළ වගා කිරීම ආරම්භ කර ඇතැයිද කීය.තවද පරිසර අමාත්‍යංශයේ යටතේ සිදු කරන සුරකිමු ගංගා ව්‍යාපෘතිය හරහාද උණ වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි ද කීය.
පුරන් වූ කුඹුරු තුළ පන් වගා කිරීම, වේවැල් වගාව, සහ අනෙකුත් ප්‍රාදේශ්‍යි ලේකම් කොට්ඨාශ වල හණ වේවැල් වගාවන් අක්කර 500ට ආසන්නු ප්‍රමාණයක් වගා කර ඇතැයිද අමාත්‍යවරයා කීය.