ජනාධිපතිවරයා ඇතුළු රජය කිසිම කෙනෙකුගෙන් පළිගැනීමේ චේතනාව ඇතිව කටයුතු නොකරන බව පැවසූ ඔහු, එහෙත් අධිකරණය හමුවේ පවතින ක්‍රියාමාර්ග එලෙස ම දිගටම පවතින බවද අවධාරණය කළේය.
සභානායක, අධ්‍යාපන අමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ, විපක්ෂ නායකවරයා 2022.02.23 දින පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.
“ විපක්ෂනායකතුමා කරුණු දෙකක් මතු කළා. එක කාරණාවකට රාජ්‍ය ඇමතිතුමා උත්තර දුන්නා හෙට දිනයේ අපි පිළිතුරක් දෙනවා කියලා.”
“ශානි අබේසේකර හිටපු ප්‍රධාන පොලිස් නිලධාරිතුමාගේ ජීවිතය ගැන සඳහන් කළා. අත්අඩංගුවට ගෙන තිබෙන හෝ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන කිසිම ජීවිතයකට හානියක් කරන්න අපි ඉඩක් තියලා නැහැ. ඒක ඉතාම ඕනෑකමින්අ පි සඳහන් කරන්න ඕන. ශානි අබේසේකර මහතාට යම් යම් චෝදනා ඉදිරිපත් වෙලා ඒ පිළිබඳ වග විභාග කරනවා. ඒ වග විභාගයන් ගැන අධිකරණයන් හමුවේ තියෙනවා ප්‍රශ්නයක්. ජීවිත ආරක්ෂාව පිළිබඳ කිසිම සැලැස්මකින් ජීවිතය විනාශ කරන්න හදනවා කියන දේ අපි ප්‍රතික්ෂේප කරනවා. මම කියන්න ඕන ඔබ කවුරුත් දන්න හිටපු DIG අනුර සේනානායක මහතා ඔහුව අත්අඩංගුවට අරන් තියාගෙන හිටියා. ඔහුගේ ජීවිතය ක්‍රමානුකූලව විනාශවෙලා අවසානයේදී ඔහු ජීවිතක්ෂයට පත්වුණා. ඒ පොලිසියේ ඉහළ නිලධාරියෙක්, ඔබතුමාලගේ කාලයේ සිද්ධ වුණු දේවල්. ඒ වගේම ඔහු අපේ රටේ සංගීතයට කලාවට දායක වෙච්ච ඉහළ නිලධාරියෙක්. ඒ නිසා, එකින් එකින් අපි මේවා හාරඅවුස්සන්න ඕන නැහැ. අපි රජයක් විදියට අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජය කිසිම කෙනෙක්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කරන්නේ නැහැ. නමුත් අධිකරණය හමුවේ තියෙන ක්‍රියාමාර්ග එලෙසම දිගටම පවතිනවා.”