පසුගිය 2022-01-15 වන දින මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු පැය 12 ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබුණි. 2022-01-16 වන දින දහවල් 12.00 පසුව අධිවේගී මාර්ගයේ ධාවනය වෙනුවෙන් මුදල් අය කිරීම ආරම්භ කෙරිණි. 2022-01-16 වන දින සිට 2022-02-21 වන දින අතර කාලයේ දී රථවාහන 510,670 ක් මෙම මාර්ගයේ ධාවනය කර ඇති අතර එම රථවාහන ගමන් කිරීමෙන් රු 109,659,600.00ක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.
මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථාන වල මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග කොටසේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පිහිටා ඇත.