නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වූ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට අයත් රාජගිරිය දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙහි (VTA) හදිසි නිරීක්ෂණ චාරිකාවක රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ඊයේ (22) දින නිරත විය.
වසර ගණනාවකින් අවධානයට ලක් නොවු මෙම දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පූර්ණ පහසුකම් සහිත නව පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කිරීමට අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් හට අමාත්‍යවරිය විසින් උපදෙස් ලබා දෙන ලදී .
නිරීක්ෂණ චාරිකාව අතරතුර එහි ඉගෙනුම ලබන සිසු සිසුවියන් සමඟ සිදුකළ කතාබහකට පසු ඔවුන්ගේ ඉල්ලීම්වලට අනුව අධ්‍යාපනය සඳහා පවතින පහසුකම් පුළුල් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග අමාත්‍යවරියගේ උපදෙස් පරිදි ඉදිරියේ දී කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
?සූපවේදී පාඨමාලාව
?අධිවේගී මහන යන්ත්‍ර ක්‍රියාකරු පාඨමාලාව
?කොණ්ඩා සැකසුම් ශිල්පී පාඨමාලාව
?පරිගණක යෙදවුම් සහයක පාඨමාලාව ඇතුළු පාඨමාලා රැසක් මෙම මධ්‍යස්ථානයේ පැවැත්වෙන අතර සිසු සිසුවියන් 154 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබති.