වි මිලදි ගැනිම සඳහා මධ්‍යස්ථාන 29 ක් පවති. මෙම ගබඩා සියල්ලෙහි ගබඩා කළ හැකි සමස්ථ වී ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 65000 කි . මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වි මෙට්ට්‍රික් ටොන් 3900 ක පමණ ප්‍රමාණයක් මිල දි ගෙන තිබෙන බව වි අලෙවි මණ්ඩලය පවසයි.
මෙම වි විලදි ගැනිමේ වැඩ සටහන යටතේ වි නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වි කිලොවක් සදහා රුපියල් 90 ක් ද, සම්බා වි කිලොවක් සදහා රුපියල් 92 ක් ද, කීරි සම්බා වි කිලොවක් සඳහා රුපියල් 95 ක් ද වශයෙන් ගෙවිම් සිදුකරන අතර තෙත වි මිලදී ගැනිමේදි නාඩු වි කිලොවක් රුපියල් 84 ක්, සම්බා වි කිලොවක් රුපියල් 86 ක්,කිරි සම්බා වි කිලොවක් රුපියල් 89 ක් ලෙසද මිලදි ගනු ලැබේ.එම වී ගොවි මහතුන් විසින් මිල දී ගැනීමේ මධ්‍යස්ථාන වෙත ගෙනැවිත් භාර දීමේ දී ප්‍රවාහන ගාස්තු වශයෙන් වී කිලෝවකට රුපියල් 02 ක මුදලක් ගෙවනු ලැබේ. තවද ගොවි මහතුන් විසින් වී රැගෙන එන අසුරන සදහා නව අසුරන ලබා දෙයි.
වි අලෙවි මණ්ඩලය විසින් මිල දී ගනු ලබන තෙත වි නිසි ප්‍රමිතියට වියළීමට පෞද්ගලික නියොජිතයින් වෙත ලබා දීම සිදු කරන අතර ඔවුන්ට ඒ සඳහා වී කිලෝවකට රුපියල් 4 ක මුදලක් සහ ප්‍රවාහනය සදහා කිලෝවකට රුපියල් 2 ක මුදලක් ලබා දෙනු ලැබේ.
වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශිය කළමණාකරු නිමල් තෙන්නකෝන් මහතා කියා සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික්කය තුලින් වී මෙට්ට්‍රික් ටොන් 40000 ක් මිලදී ගැනීම තම ඉලක්කය වන බවයි.
DMU/Anuradhapura