ඔහු මේ බව අනාවරණය කළේ, මේ සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඊයේ ( 23 ) පාර්ලිමේන්තුවේදී මතු කළ කරුණට ප්‍රතිචාර දක්වමිනි.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.
" ගරු කථානායකතුමනි, හිටපු අගමැතිතුමාට මම ස්තූතිවන්ත වෙනවා ප්‍රශ්නය මතු කළාට. ඊයේ රාත්‍රියේම ඒ ගැන සාකච්ඡාවක් කරලා තියෙනවා අපි මේ ගැන. විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට විදුලිබල මණ්ඩලය හා PUCSL (මහජන උපයෝගිතා කොමිෂන් සභාව) එකත් එක්ක කතා කරලා තියෙනවා පුළුවන්තරම් දුරට මේ ප්‍රශ්නය වෙනස් කරන්න. මම අගය කරනවා ඔබතුමා ඒ ප්‍රශ්නය නැගුවට ..."