බන්දුල පද්ම කුමාර මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී මිය යන විට 71 වන වියේ පසු විය.මාධ්‍යවේදියෙකු ලෙස පුවත්පත් කලාවේ දීර්ඝ කාලයක් සේවය කළ බන්දුල පද්මකුමාරයන් ගීතා, සරසි, වැනි සිනමා පුවත්පත්ද කුමරි, පතිපතිනි වැනි සඟරා රාශියක් ආරම්භ කිරීමට ද ඒ මහතා මුල් වී තිබේ. චිත්‍රපට කලාවටද දායකත්වයක් ලබා දුන් ඒ මහතා ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙසද කාලයක් සේවය කළා. මුද්‍රිත පුවත්පත රූපවාහිනිය වෙත ගෙනයමින් රූපවාහිනියට පත්තර වැඩසටහන මුලින්ම හඳුන්වාදුන් පද්මකුමාර මහතා මුල් පිටුව සහ ලෝක සිතියම යන වැඩසටහන් තුළින් විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තේ ය. අද සියලු රූපවාහිනි නාලිකා තුළ විකාශය වන පත්තර වැඩසටහන් බන්දුල පද්මකුමාරයන්ගේ අඩි පාරේ යමින් ගොඩනැගූ වැඩසටහන් බවට පත්ව තිබේ.
මානවහිතවාදී මාධ්‍ය සඟයකු ලෙස සියලු දෙනාගේ ගෞරවාරදයට පත් සුනිල් මාධව ප්‍රේමතිලකයන් අභාවප්‍රාප්ත වන විට 78 වන වියේ පුසුවිය.
සුනිල් මාධව ප්‍රේමතිලකයන් අවසන් වරට රූපවාහිනී වැඩසටහනකට එක් වූයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ අමතක නැති මතක විශේෂාංගය සමඟයි. ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදු කිරීමට නියමිතයි.
බොහෝ අභියෝග හමුවේ නොසැලී පීඩිත ජනතාව වෙනුවෙන් නොබියව තම පෑන හැසිරවීමට නිරන්තරයෙන් කටයුතු කළ සුනිල් මාධව ප්‍රේමතිලකයන් ප්‍රවීණ ලේඛක මීමන ප්‍රේමතිලකයන්ගේ පුත්‍රයායි. හොරණ තක්ෂිලා විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ප්‍රේමතිලකයන් සිය පුවත්පත් කලාව ආරම්භ කළේ ලේක්හවුස් ආයතනයෙනි. මෙරට මාධ්‍ය කලාවේ කැපී පෙනෙන වෙනසක් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකයන් රචනා කළ සත්‍යවාදියෙකුගේ දිනපොත 80 සහ 90 දශකයේ මෙරට පුවත්පත් කලාවේ තීරු ලිපිය නව මානයක ගෙන ගියේ ය. දිවයින, ලක්මිණ, ලක්දිව ඇතුළු ප්‍රධාන ධාරාවේ පුවත්පත් ගණනාවක සේවය කළ අතිශ්‍යය විප්ලවවාදී අදහස්වලින් පිරුණු ප්‍රේමතිලකයන් අතින් ග්‍රන්ථ රැසක් ද පාඨකයන්ට තිළිණ වුණා. එමෙන්ම පරිවර්තන කෘති ගණනාවක් ද ඔහු රචනා කළ අතර ඉන් වැඩිම පාඨක අවධානය දිනාගත්තේ හඬනු මැන නිදහස පරිවර්තන කෘතියයි. අන්ධකාරයේ දරුවා, මොහොමඩ් අලීගේ කතාව, ජීවිතේ සුන්දරයි, සැබෑ කවියෙකුගේ කතාව ඇතුළු කෘති ගණනාවක් ඔහු අතින් ලියවුණි.