ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වයට 65 වසරක් පිරීම නිමිත්තෙන් ලියැවූ දෙසතිය සඟරාවේ කවරයේ කතාව "සේද මාවතේ නොබිඳුණු මිතුදම", පෙබරවාරි මස 01 කලාපය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා විසින් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා වෙත එම කාර්යාල පරිශ්‍රයේ දී පිළිගන්වන ලදී.
මෙම අවස්ථාවට අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතා,දෙසතිය සඟරාවේ සංස්කාරක මාලා මල්කාන්ති මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී විය.