සටන් පාඨ පුවරු ඔසවමින් සිටින්නේ නැතිව මේ සඳහා විසඳුම් ඉදිරිපත් කළ යුතු බව පැවසුවේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2යටතේ, විදේශ විනිමය නොමැති නිසා ඉන්ධන නොමැතිව රට බරපතල අර්බුදයකට පත්ව ඇතැයි කියමි යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
මේ වන විටත් මෙරට පෙට්ට්‍ර්ල් තොග , ඔක්ටේන් 92 ඇත්තේ දින 10කටත් , ඔක්ටේන් 95 ඇත්තේ දින 40කට සහ ඔටෝ ඩීසල් දින8 කටත් , සුපර් ඩීසල් දින 08කටත් ප්‍රමාණවත් බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී අවශ්‍ය ඉන්ධන තොග ලැබීමට නියමිත බවද කීය.
තමා බලශක්ති අමාත්‍යවරයා ලෙස ගත කළ මාස 18 විදේශ විනිමය අර්බුදයේ උග්‍රතම අවස්ථාව වූ බව අමාත්‍යවරය සඳහන් කළේය. 2020 වසර ආරම්භයේදීම ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙක සඳහා වූ ණය ප්‍රමාණයන් ප්‍රතිමූලණය කිරීමේ පහසුකමක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව කී අමාත්‍යවරයා වර්තමානයේදී රාජ්‍ය බැංකු දෙකට ගෙවිය යුතු ණය ප්‍රමාණය 2019.12.31ට සාපේක්ෂව වැඩි වී ඇත්තේ ඩොලර් මිලියන 256කින් පමණක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙතරම් දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේද වුවද පසුගිය රජය ඉහළ දමා තිබූ තෙල් සංස්ථාවෙන් රාජ්‍ය බැංකු වලට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 355 දක්වා අඩු කරගැනීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා කීය.
පාස්කු ප්‍රහාරය නිසා මෙරට සංචාරක ව්‍යාපාරයට විශාල බලපෑමක් වූ බවත් ඒම බලපෑම වියැකී යාමටත් පෙර 2020 වසරේ සිට ඇති වූ කොවිඩ් වසංගතය නිසා සංචාරක ව්‍යාපාරයෙන් ලෑබෙන ඇමරිකානු ඩොලර් බිලියන 4ක ප්‍රමාණය අහිමි වීම සහ විදේශ ප්‍රේශණ පහත වැටීම නිසා විදේශ විනිමය අර්බුදයක් ඇති වූ බවද පෙන්වා දුන්නේය.
අද මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා යන බවටබ ඊයේ පාර්ලිමේන්තුවේදී තමා කළ ප්‍රකාශය සත්‍ය බවත් අද මේ වන විට බොරතෙල් මිලයක ඩොලර්101 දක්වා ඉහළ ගොස් ඇතැයිද කීය. ඉදිරි මාස 03 සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1285.50ක් අවශ්‍ය බවත් ඩොලර් මිලියන 500න් ඉන්දියානු ණය පහසුඛම් යටතේ ලබා ගැනීමටත් අනෙකුත් ණය ලබා ගැනීම් සම්බන්ධයෙන් සාකච්ඡා වන බවත් ඒ් සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද කීය.