අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (24)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
ඒ අනුව පළමු අදියරේ දී වලව කලාපයේ ජනපදලාභීන් 8000කට මෙලෙස රන්බිම ඔප්පු පිරිනැමේ.වලව කලාපයේ වසර 40කට අධික කාලයක සිට පදිංචි වී සිටින පදිංචිකරුවන් 43000කට පමණ සිය ඉඩම්වල නීත්‍යනුකූල ඔප්පු නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විධිමත් ක්‍රමවේදයක් යටතේ මෙම ඉඩම් සඳහා ඔප්පු ලබා දෙන බව වැඩිදුරටත් කියා සිටියේය.
වලව කලාපය කලාප 4කාන් සමන්විත වන අතර මෙම වසර අවසන් වීමට පෙර ඒම පදිංචිකරුව්නටද ඔප්පු ලබා දීමට හැකි බව අමාත්‍යවරයා පැවසීය. මෙම ඉඩම්වල පිඹුරුපත් සැකසීම සඳහා කොන්ත්‍රාත්පදනමේන් මිනින්දෝරුවන් 40 දෙනෙකු යොදා ගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ වන විට 35000 ක් පමණ පිඹුරුපත් සකස් කර අවසන් වී තිබේ.
මහවැලි කලාපයේ ගොවිමහතුන් දිරිමත් කර ඔවුන් ආර්ථීක සංවර්ධනයට සෘජුව දායක කර ගැනීම මෙම ඔප්පු ලබා දීමේ අරමුණ බවත් ගෙවතු වගාවන් දිරිමතක් කර නවීන තාක්ෂණය භාවිත කරමින් කාර්යක්ෂම සහ ඵලදායි ලෙස ඉඩම්භා විත කරමින් භෝග වගාවන් සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඉදිරියේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට මහවැලි කලාප ආශ්‍රිත ඇළ වේළි හා ජනාවාස පොදු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා , එම රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය සහ වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු අයිවන් ද සිල්වා මහතා සහභාගී විය.