සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සභාව වෙත රැගෙන ඒමට නොහැකි භාණ්ඩ රැගෙනවිත් ඇතැයි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය මත පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර්ජනයකට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන ලෙසද සභානායකවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒ සමග නැගී සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විදුලි පන්දම් දල්වාගෙන (ටෝච්) විපක්ෂය පාර්ශ්වයේ සිට විවිධ පුවරු ඔසවා විරෝධයක නිරත වන්නට වූහ.
සමගි ජන බලවේගයේ මෙම හැසිරිමට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුද සිය විරෝධය දැක්වූ අතර අදාළ උපකරණ පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන ඒමේ අවශ්‍යතාව හොඳින් පැහැදිලි වන බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
විනාඩි දහයකට ආසන්න කාලයක් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විවිධ පාඨ වලින් සමන්විත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයෙහි නිරත වූහ.
මෙහිදි මෙය නතර කර තම තමන්ගේ ආසන වලට ගොස් අසුන් ගන්නා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවස්ථා කිහිපයකදීම මන්ත්‍රීවරුන්ට නියෝග කළද එයට අවනත නොවීම හේතුවෙන් පෙරවරු 10.55 ට පමණ විනාඩි දහයක් වෙනුවෙන් කල් තැබීමට කතානායකවරයා පියවර ගත්තේය.
ඉන් පසුව පෙරවරු 11.05 ට පමණ සභාව යළි රැස්විය.