ඇමතිවරයා මේ ආයාචනය කළේ ඊයේ (23) ශ්‍රී ලංකා ජපන් තානාපති නිල නිවසේ පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. ශ‍්‍රී ලංකාව හා ජපානය අතර පවතින දීර්ඝකාලීන ගෞරවනීය හා අන්‍යෝන්‍ය විශ්වාසය, මිත‍්‍රත්වය හා සෙසු මානව සම්බන්ධතා පිළිබඳ මතකය අවදිකරමින් අමාත්‍ය අලහප්පපෙරුම මහතා පැවසුවේ ශ‍්‍රී ලංකාවේ මතක සලකුණක් වන මෑතකදී විවෘත කළ “රන් දොරටුව” ලෙස නම් කර ඇති කැලණි පාලම හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධනය සඳහා ජපානය දක්වන සහයෝගයේ ඓතිහාසික කඩඉමක් බවයි.
එමෙන්ම ජපාන රජය විසින් පිරිනමන ලද අනෙක් ත්‍යාගයන් අතර ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල ප‍්‍රධානත්වයක් ගන්නා බවද එතුමා පැවසීය.
අභාවප‍්‍රාප්ත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා දෙරටේ මිතුදම ඉහළම තලයට ගෙන ඒමට කටයුතු කිරීම වෙනුවෙන් එතුමාට මේ අවස්ථාවේ කෘතගුණ දක්වන බව අමාත්‍යවරාය කීවේය.
ශ්‍රී ලංකා - ජපාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භකොට 70 වසරක් පිරීම නිමිත්තෙන් විවිධ කලා කටයුතු, ප‍්‍රදර්ශන රැසක් සංවිධානය කර තිබෙන බව සඳහන් කළ අමත්‍යවරයා ජපාන කලා හා සංස්කෘතික කෘතීන් පිළිබඳව අදහස් පළ කළේය. ආධුනික ලේඛකයෙකු ලෙස ජපාන කළා කෘතීන් කෙරේ තමා තුළ මහත් ආනන්දයක් ඇති බව පැවසූ ඔහු ජපානය තම කළා කෘතීන් කෙරෙන් මානුෂිකත්වය වෙත ලඟාවීමට දරන උත්සාහය අන් කිසිවෙකුට නොදෙවෙනි බව කීය.
අවුරුදු 40 ක් පැරණි ලංකාවේ රූපවාහිනි මාධ්‍ය තාක්ෂණය හා සංන්නිවේදනය සංවර්ධනය කිරීමට ජපානය දෙන සහයෝගය සිහිපත් කළ ඇමතිවරයා දැනුදු මෙරට රූපවාහිනි පද්ධතිය ඩිජිටල්කරණය සම්බන්ධ වගකීම ජපානය විසින් දරන බව පැවසීය. ජපානය ශ‍්‍රී ලංකාවේ ඉහළම ආධාර කරුවා බව පැවසූ අමාත්‍යවරයා පවතින කොවිඩ් වසංගතයට මුහුණදීම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 15.2 සහ එන්නත් මිලියන 1.45 ක් මෙරටට ප්‍රදානයක කළ බව මතක් කළේය.
තනාපති සබඳතා සංවත්සරය සනිටුහන් කිරීම සඳහා තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා තමාට උපදෙස් දුන් බවත් ශ‍්‍රී ලංකා රජය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ‍්‍රී ලංකා ජතතාව වෙනුවෙන් තමා ජපාන අධිරාජයාටත් එරට රජයට හා ජනතාවටත් හදපිරි සුභපැතුම් පිරිනමන බව ප්‍රකාශ කළේය.