විදුලිය විසන්ධි කරන සැලැස්ම සහ විදුලිය කපා හරින ප්‍රදේශ පිළිබඳ සැලැස්ම අනුමැතිය සඳහා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර ඇති බවත් වර්ෂා කාලය උදාවන තුරු විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර හිමි කර්මාන්තකරුවන්ට විදුලිය විසන්ධි වන කාලයේදි විදුලිය ඒකකයක් වෙනුවෙන් රුපියල් 36 ක මුදලක් ගෙවීමට වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයිද ප්‍රකාශ කළේය.
ඒ වැඩපිළිවෙළ සඳහා කර්මාන්තකරුවන් ඒකරාශී කර ගැනීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරගෙන යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.