මේ සම්බන්ධයෙන් තමා පසුගියදා මන්නාරම් ප්‍රදේශයේ සංචාරය කර එකඟතාවකට පැමිණි බව කී අමාත්‍යවරයා , උතුරුකරයේ ජනතාවට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවට සහතිකය තමා ලබා දෙන බවද කීය. වන සත්ව හා වෘක්ෂලතා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
උතුරේ සිටියත්, දකුණේ සිටියත් , මධ්‍යම හෝ මධ්‍යම කඳුකරයේ සිටියත් මේ රටේ මිනිස්සු බවත් දේශපාලනයේ මුවාවෙන් ජාත්‍යන්තරයට ගොස් ඔවුන්ගේ යැපෙන්නෝ බවට පරිවර්තයන වීමට ඉඩ තබන්නේ නැතැයිද කීය. මෙම පනත පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු මේ සම්බන්ධයෙන් වැරදි අර්ථකතන ලබා දී ඇති බවත් වසර 30 ගණනක් සම්මත කර ගැනීමට නොහැකි පනතක් බවත් කීය.
මෙම පනත මඟින් සිදුවන්නේ වඳවී යන ශාඛ හා සතුන් ආරක්ෂා කර ගැනීමයි. ජනතාවට අයත් භූමි අත්පත් කර ගැනීමේ කිසිදු සූදානම් නැති බවක්ද කීය.