පැරණි කම්කරු කාර්යාලය පැවැති ස්ථානයෙහිම ඉදිකර ඇති මෙම තෙමහල් කම්කරු කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජය විසින් වැයකර ඇති මුදල රුපියල් දාහත් කෝටි හතළිස්පන් ලක්ෂ හැත්තෑ දහසකි.
හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්යාලයෙන් සේවාවන් ලබා ගැනීම සඳහා දිනකට දෙසීයත් දෙසිය පනහත් අතර පිරිසක් පැමිණෙන අතර නවීන පහසුකම්වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල විවෘත වීමත් සමගම එතුළින් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන එම ජනතාවට වඩාත් සුව පහසුව සහිතව සිය සේවාවන් ඉටුකර ගැනීමේ හැකියාව උදාවී ඇති බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි.
හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්යාලය මගින් අඹගමුව සහ නුවරඑළීය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ දෙකට අයත් පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ ආයතන 1900 කට ආසන්න ප්‍රමාණයක සේව්‍ය සේවක පිරිසක් අවරණය කෙරෙන බව ද කම්කරු අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ සහ කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ද සහභාගිවීමට නියමිතය.