කොවිඩ් 19 වසංගතය හමුවේ වසර 02 කට අධික කාලයක් නොපැවැත්වූ, “සුව උදාන” ජංගම වෛද්‍ය සායන වැඩසටහන නැවත ආරම්භ කරමින් පළමු සායනය අක්මීමන කුරුදුවත්ත, බෝධිමළු විහාරස්ථානයේ දී (24) දිනය පුරා පැවැත්විණි.
මෙම ජංගම ෛවද්‍ය සායනය බටහිර ෛවද්‍ය සහ දේශීය ෛවද්‍ය සායන මුලික කර ගනිමින් පෑවැති අතර, බටහිර ෛවද්‍ය සායන යටතේ වකුගඩු රෝගීන් කළින් හදුනා ගැනීමේ පරීක්ෂණයන්ට අදාල සායන, අක්ෂි සායන, රුධීර පරීක්ෂාව, සුවනාරී සායනය, බෝනොවන රෝග පිළිබදව ජනතා දැනුවත් කිරීමේ වැඩසටහන්, රසායනාගාර සේවා ඇතුලු සායන රැසක් සමහ ක්‍රියාත්මක කරන ලද අතර, ආයුර්‌ෙව්ද සායන යටතේ සර්වාංග රෝග සායන පවත්වන්නට යෙදුනි. එමෙන්ම ලේ දන්දීමේ වැඩසටහනක් ද මෙහිදී සාර්ථකව ක්‍රියාත්මක වූ අතර එහිදී රෝගීන් සදහා ඖෂධ නිකුත් කිරීමක්ද සිදු විය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක අතර එහිදී අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) එච්.එම්.එන් දිනිප්‍රිය හේරත් මහතා - “අද මෙම ස්ථානයට ගාල්ල මහමෝදර රෝහල, කරාපිටිය රෝහල, අනුරාධපුර වකුගඩු රෝග ඒකකය වැනි විශේෂ ආයතන සහ මේ ප්‍රදේශය නියෝජනය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහාය ලබාගෙන තිබෙනවා.
පසුගිය වසර 02 ක කාලයක් මෙම වෛද්‍ය සායන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවර්ධන කාර්යයක් ලෙස ඉටු කිරීමට නොහැකිව තිබුනා කොවිඩ් වසංගතය හේතුවෙන්. එය දුරු කරමින් ආරම්භක වෛද්‍ය සායනය අද පැවැත්වීමට හැකිව තිබෙනවා. ඉදිරියේ දී මහජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා මෙම වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කරමින් ලබාදිය හැකි වෙනවා.”
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වනු ලැබූ මෙම සුව උදාන ජංගම සායනයෙන් ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා ගාල්ල අක්මීමන ප්‍රදේශයේ චීන මිත්‍රගම්මානය, කදිර්ගාමර්, නිව සිටි, සද සිට්, ග්‍රීන් සිටි, ගෙවල් 20 ඇතුලු අවට ගම්මාන රැසක දහසකට අධික ජනතාවක් එක්ව සිටියහ.
මෙම අවස්ථාවට අක්මීමන කුරුදුවත්ත, බෝධිමළු විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍ය මුදමුලනේ විජයබෝධී නාහිමිපාණන් වහන්සේ, වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුලු ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.