ඔහු පැවසුවේ මීළඟට පාර්ලිමේන්තුව රැස් වන්නේ තවත් සති දෙකකින් වන නිසා සිද්ධියේ බරපතළකම ගැන සලකා කඩිනම් පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කරන බවය.
සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.
“ අද දින ශෝක යෝජනා පැවැත්වෙන හෙයින්, වෙනත් කරුණු සාමාන්‍යයෙන් ගන්නේ නැහැ. නමුත් ඊයේ දිනයේ ඔබතුමාගේ අවධානයට යම් යම් බරපතළ කරුණු ටිකක් ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. ඒ කරුණු පිළිබඳව ගරු කථානායකතුමා, අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි පියවරයන් ගනී කියලා. මුළු මහත් පාර්ලිමේන්තුවේ යහපත පිණිස එවැනි තීරණයකට එළඹීම මං හිතන්නේ ඉතාම වැදගත්. එහෙම නැත්නම්, හදිසි පක්ෂ නායක රැස්වීමක් හරි කැඳවලා මේ ගැන තියෙන වාර්තාවේ තත්ත්වය සාකච්ඡා කරලා කටයුතු කිරීම අතිශය හදිසි කටයුත්තක් ලෙස සැලකීම වැදගත් වෙනවා.”
“මේ ශෝක යෝජනා නිසා, අභාවප්‍රාප්ත මන්ත්‍රීතුමාලාට ගරු කිරීමක් වශයෙන් අපි දෙපාර්ශවයම මේ කාරණය අද බොහෝ විට ගන්න එකක් නැහැ. ඒකයි මම විශේෂයෙන් ඉල්ලා සිටින්නේ. ඊළඟ පාර්ලිමේන්තු දිනයක් එන්නේ තව සති දෙකකින්. ඒ නිසා මේ බරපතළකම වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා යළිත් කථානායකතුමා වෙත මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි.