පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    අරලගංවිල සහ බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලවලින් පුහුණුව නිම කළ පොලිස් කොස්තාපල්වරු විසිර යයි

    පෙබරවාරි 28, 2022

    අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 203ක් සහ බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 603 ක් විසිර යාමේ පෙලපාලිය පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී පැවැත්විණ.

    මෙසේ විසිර ගිය පිරිස සාමාන්‍ය පොලිස් රාජකාරි, පොලීසියේ වගකීම, අපරාධ විමර්ශනය, නායකත්වය හා මහජන සාමය කළමනාකරණය, ප්‍රජා පොලිස් සේවය පරිගණක අපරාධ, අධිකරණයේ නඩු මෙහෙයවීම, අපරාධ ස්ථාන පරික්ෂා කිරීම, වන සටන් පුහුණුව, අවි පුහුණුව හා වෙඩි පුහුණුව යන මූලික පුහුණු පාඨමාලවන් හදාරා තිබේ.

    මෙම උත්සවයේ දී අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අති දක්ෂතම ආධුනික නිලධාරියා ලෙස විමුක්ති සහන් සූරියාරච්චි පොලිස් කොස්තාපල්වරයා සම්මාන ලැබූ අතර බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අතිදක්ෂතම ආධුනික නිලධාරියා ලෙස ඉසුරු සදරැවන් වික්‍රමසිංහ යන අය සම්මාන ලබා ගන්නා ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya