පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    හරිත හයිඩ්‍රජන් නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ 

    මාර්තු 01, 2022

    අනාගත ලෝකයේ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් වශයෙන් සැලකෙන හරිත හයිඩ්‍රජන් නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය හා නොර්වේජියානු සමාගමක් වන Greenstat සමාගම අතර ඊයේ (28) ගිවිසුම් අත්සන් තබන ලදී.

    පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් නිපදවනු ලබන හයිඩ්‍රජන් වායුව හරිත හයිඩ්‍රජන් ලෙස හැඳින්වේ.

    මෙම අවස්ථාව හා එක්වෙමින් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.

     අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ ශ්‍රී ලංකාව විදුලි කැපීමේන් බරපතළ අඳුරකට ගමන් කර තිබෙන ඒ වගේම ඉන්ධන හිඟතාවය නිසා වාහන ගමනාගමනය අභියෝගයක් බවට පත්වෙලා තිබෙන මොහොත. පැරණි කියමනක් තියනවා අඳුරට සාප කිරීම පසෙක තබා එක් පහනක් හෝ දල්වන්න කියලා.ඒ අනුව මේ මොහොතේ මුහුණපා සිටින අභියෝගයට ක්ෂණික විසඳුමක් නොවුනත් මීට බොහෝ කලින් කළ යුතුව තිබුණු  දැන් ආරම්භ කළොත් අනාගතයේ මෙවැනි අඳුරු පරිච්ඡේදයන් වලට  මුහුණ දීමට  අවශ්‍ය නොවන ඉතාම දූරදර්ශී කාර්යකටයි අද අපි අත ගැහුවෙ.

    නෝර්වේජියානු Greenstat සමාගමෙහි ඉන්දියාවේ තියෙන පාලිත සමාගමක් වන  Greenstat Indian  සමග  ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේ, ශ්‍රී ලංකාවේ නියමු ව්‍යාපෘතියක් විදිහට  හයිඩ්‍රජන් නිෂ්පාදනය පිළිබඳව කටයුතු ආරම්භ කරන්නයි.

    අපි දන්නවා ශ්‍රී ලංකාවට තවමත් තෙල් නැති වුණාට, පිටරටින් තෙල් ගේන්න ඩොලර් නැති වුණාට අපිට හොඳට හිරු එළිය තියෙනවා, සුළඟ තියනවා තියනවා. ඒ වගේම වැසි ජලය තියෙනවා. ඉතින් මේ අපේ හිරු එළියෙන් සුළඟෙන් නිසි ප්‍රයෝජනය අරගෙන අපිට පුළුවන් විදුලිය නිශ්පාදනය කරන්න.  වහින කාලෙට විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් නමුත්  විදුලිය ගබඩා කරගන්න  ක්‍රමයක් නෑ. හයිඩ්‍රජන් කියන්නේ බලශක්තිය ගබඩා කළ හැකි ක්‍රමවේදයක්. මෙතනදි අපි විදුලිය නිෂ්පාදනය කිරීමට හිරු එළිය සුළං වැනි පුනර්ජනනීය හරිත බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීම හරහා හයිඩ්‍රජන්  නිෂ්පාදනය කළොත් තමයි අපිට ඒක හරිත හයිඩ්‍රජන් විදියට හඳුන්වන්න පුලුවන්.

    ඒ හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ දැවැන්ත විභවයක්  තිබෙන බවට හඳුනාගෙන තියෙනවා.මෙන්න මේ විභවය භාවිතා කරලා ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට දිගුකාලීන විසඳුමක් සෙවීම තමයි අපගේ උත්සාහය වෙන්නේ''යැයි පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya