පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    සංචාරකයන් අපහසුතාවයට පත් කරන පුද්ගලයන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි සංචාරක ඇමති ඉල්ලයි

    මාර්තු 01, 2022

    මෙරටට පැමිණ සිටින සංචාරකයන් අපහසුතාවයට පත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි සංචාරක ඇමති පොලිස්පතිගෙන් ඉල්ලීමක් කර ඇත

    මෙරටට පැමිණ සිටින සංචාරකයන් අපහසුතාවයට පත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරන ඇමතිවරයා පෙන්වා දෙන්නේ, මෙවැනි සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා දැඩි දඬුවම් පැමිණ විය යුතු බවයි.

    මෙරටට පැමිණි සංචාරකයන්ට සිදුවූ විවිධ අතවර හා පීඩා කිරී‍මේ සිද්ධීන් කිහිපයක් පසුගිය දින කිහිපය තුල මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පල විය. කොරෝනා වසංගත තත්වයෙන් පසුව සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව යථා තත්වයට පත් වෙමින් පවතින වකවානුවක මෙවැනි සිද්ධීන් සංචාරක ව්‍යාපාරයට ද බාධා වියහැකි බව ඇමතිවරයාගේ අදහසයි. අදාළ සිද්ධීන් හේතුවෙන් රටේ ප්‍රතිරූපයටත් සංචාරක කර්මාන්තයටත් සිදුවන හානිය තරමක් හෝ නිවැරදි කල හැක්කේ මෙම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බවද පෙන්වා දෙන ඇමතිවරයා මේ පිලිබද විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන්නැයි ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

    මේ අතර මේ වසරේ පෙබරවාරි මාසයේ ගෙවී ගිය දින 27 ඇතුළත මෙරටට සංචාරකයන් 93,582ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය කියයි. මේ වසරේ ජනවාරි 01 වෙනිදා සිට පෙබරවාරි 27 වෙනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 175,909 කි. පසුගිය 2021 වසරේදී මෙරටට සංචාරකයන් 194,495 දෙනෙකු පැමිණ ති‍බේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya