පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ක්‍ෂාක්’ කිමිදුම් සහයක නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

    මාර්තු 01, 2022

    ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන නෞකාවක් වන ‘නිරීක්ක්‍ෂාක්’ (INS NIREEKSHAK) නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කෙරෙන කිමිදුම් පුහුණු වැඩසටහනක් සඳහා (2022 පෙබරවාරි 28) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

    මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාව දිගින් මීටර 70.5ක් හා 107ක පමණ නැව් මුළුවකගෙන් සමත්විත වේ. ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් මොහාමඩ් ඉක්රාම් (Mohammed Ikram) කටයුතු කරනු ලබයි.

    එමෙන්ම, ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාවේ අණදෙන නිලධාරී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් අතර හමුවක් අද (2022 පෙබරවාරි 28) දින නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේ දී පැවැත්වුනු අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) ද සහභාගී වී සිටින ලදී.

    මෙම ඉන්දියානු නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවැත්වෙන විශේෂ කිමිදුම් අභ්‍යාස කිහිපයකට මෙන්ම දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කර ඇති විවිධ වැඩසටහන් සඳහාද සහභාගි වීමට නියමිතව ඇත.

    ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කෙරෙන කිමිදුම් පුහුණු වැඩසටහන නිමාකරමින් 2022 මාර්තු මස 08 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, මෙම නෞකාව හා සම්බන්ධ කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya