මෙහිදි රාජ්‍ය අමාත්‍යංශ නිළධාරින් සහ පළාත් නිළධාරින් මෙම වසරේ ලැබෙන ප්‍රතිපාදන මඟින් සිදු කෙරෙන ව්‍යාපෘතින් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
මෙම හමුවෙන් අනතුරුව තිරසාර කෘෂි සංස්කෘතිය යටතේ උප්පුවේලි පිහිටි සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ගොවිපළේදී අලුතින් ඇති කළ තිරසාර කිරි ගොවිපළ ඒකකය විවෘත කෙරිණි.
මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.ඩබ්.එස්. සමරදිවාකර, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අයි.කේ.ජී. මුතුබණ්ඩා, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ඒ.මොහමඩ් ෆාසි සහ පශු සම්පත් නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.