පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    රුසියානු හා යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කෙරේ 

    මාර්තු 02, 2022

    මෙරට රැදි සිටින රුසියානු හා යුක්රේන සංචාරකයන් සදහා ගාස්තු අය කිරිමකින් තොරව තවත් මාස 02 ක කාලයක් සදහා වීසා කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය පළ වේ.

    සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් (28) පැවති කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළේය. මේ වන විට රුසියාව හා යුක්රේනය අතර වර්ධනය වි ඇති අර්බුදය හමුවේ දැනට සංචාරය කරමින් සිටින රුසියානු හා යුක්රේන සංචාරකයන්ට පවතින තත්ත්වය සමනයවනතුරු නැවත සිය රටවලට යාමට නොහැකි බැවින් ඔවුන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ වන විට රුසියානු සංචාරකයන් 11,463 ක් හා යුක්රේන සංචාරකයන් 3,993 ක් මෙරට තුල රැදි සිටිති.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ රුසියාව හා යුක්රේනය ශ්‍රී ලංකාවට ඉහළම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණෙන රටවල් දෙකක් බවයි. මේ වසරේ ජනවාරි හා
    පෙබරවාරි මස 27 වන දින දක්වා මෙරටට පැමිණ ඇති රුසියානු සංචාරකයන් සංඛ්‍යාව 28,392 කි. යුක්රේන සංචාරකයන් 13,039 ක් පැමිණ තිබේ.

    කෙසේ වෙතත් මෙම වීසා දීර්ඝ කිරීම මෙරට සේවය කිරීම සදහා ලබාදෙන අවසර පත්‍රයක් නොවිය යුත් බවත් වීසා දීර්ඝ කිරීමේ කොන්දේසි කඩ කළහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අදාළ කැබිනට් මණ්ඩල සංදේශය මගින් අමාත්‍ය මණ්ඩලය සිය එකගතාවය පළ කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya