පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    කොළොන්නාව රජයේ කර්මාන්තශාලාව ලාභ ලැබීම අරඹයි- 2022 වසරට රුපියල් මිලියන 625ක ඉලක්කයක්

    මාර්තු 02, 2022

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි විවිධ ක්ෂේත්‍ර වල නිෂ්පාදන සිදුකරමින් කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාව ආදායම් ඉපයීම වැඩි කර ගනිමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ අධීක්ෂණය යටතේ කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාව මගින් නිෂ්පාදන ක්‍රියාවළිය සිදු කරනු ලබයි.

    මහින්ද රාජපක්ෂ මැතිතුමා පස්වන විධායක ජනාධිපති ලෙස කටයුතු කරන කාලයේදී ලබාදුන් රුපියල් මිලියන 300 ක මුදලින්, කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාව ලාභ ලැබීම ඇරඹූ බව, කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. පී. වතූගේ මහතා ප්‍රකාශ කරයි.

    මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් ක්‍රියාත්මක කළ නව නිෂ්පාදන හා සංවර්ධන සැලැස්ම එයට හේතුවූ බවත්, ඒ අනුව ගෙවුණු 2021 වසර අවසන් වන විට රුපියල් මිලියන 98 ක ලාභයක් ලැබූ බවද කළමනාකරණ අධ්‍යක්ෂවරයා විසින් පෙන්වා දෙන ලදී.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙසින් ක්‍රියාවට නැගෙන කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාව මේවන විට, නව නිෂ්පාදන සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවමින් සිටියි.

    2021 වසරේ රුපියල් මිලියන 600 ක අලෙවි ඉලක්කයක් හඹායමින්, රුපියල් මිලියන 400 ක ඉලක්කයට පහසුවෙන් ළගාවූ රජයේ කර්මාන්ත ශාලාව, 2022 වසරේ අපේක්ෂිත අලෙවි ඉලක්කය වන රුපියල් මිලියන 625 ඉලක්කය, මෙම වසරේ මැද භාගය වනවිට සපුරා ගන්නා බවද රජයේ කර්මාන්තශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. වර්ෂ 1849 දී අරඹනු ලැබූ මෙම කර්මාන්ත ශාලාව මේවනවිට සියවස් එකහමාර කට වැඩි කාලයක් පසුකරමින් සිටියි.

    පළමුව වඩුවැඩ පොළක් ලෙස ඇරඹී පසුව,කම්මලක්, යකඩ වැඩ පොළක්, මැෂින් වැඩ පොළක්, ඉලෙක්ට්‍රික් වැඩ පොළක්, පාලම් වැඩ පොළක් සහ යන්ත්‍ර්‍ර සූත්‍ර නිපදවන වැඩ පොළක් බවට පරිවර්තනයවූ මෙහි මුල් නම 1971 දී රජයේ වැඩ දෙපාර්තමේන්තුව ලෙසින් වෙනස්වී තිබේ. මේවනවිට එහි නාමය, කොළන්නාව රජයේ කර්මාන්තශාලාව යන්නයි. රජය වෙනුවෙන්ම අරඹනු ලැබූ මෙම කරමාන්තශාලාව මේවනවිට රජයේ වැඩවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් පොද්ගලික් අංශයටද සිය සේවාවන් විවෘතකර තීබීම විශේෂත්වයකි.

    නිෂ්පාදන සහ සේවා ක්ෂේත්‍රවල වාර්තා තැබූ රජයේ කර්මාන්තශාලාව අග්නිදිග ආසියාවේ පළමු මෝටර් රථ එකලස් කරන්නා බවට පත්වෙමින් රෙනෝල්ට් මෝටර් රථය මෙරටේදී එකලස් කර තිබේ. රජයේ කර්මාන්තශාලාව මේවනවිට වැඩ කම්හල් අංශ 14 කින් සමන්විතව පවතියි. ඒ අනුව, විදුලි යාන්ත්‍රික, බර වැද්දුම්, යාන්ත්‍රික වඩු කම්හල, සැහැල්ලු වැද්දුම්, බහු ශිල්ප, වාහන අලුත්වැඩියා, ප්‍රවාහන, ගොඩනැගිලි නඩත්තු, විදුලි උප ඒකක, අබලි ද්‍රව්‍ය අංගනය, ප්‍රදර්ශනාගාරය, එම අංශ 14 හි වැඩ කම්හල්වේ. මෙම වැඩ කම්හල් 14 හි, සේවකයන් 300 ක් පමණ දැනට සේවය කරමින් සිටියි.

    ඉහළ කළමනාකරණ අංශයට පමණක් රජයෙන් වැටුප් ගෙවන අතර, අනෙක් සියලු වැටුප්, විදුලි සහ ජල බිල් ඇතුලු සියලු වියදම් රජයේ කර්මාන්තශාලාව විසින්ම උපයා පියවිය යුතුය. පෞද්ගලික අංශය සමග විවෘත ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය යටතේ තරගකර නිෂ්පාදන සේවා අවස්ථාවන් රැසක් රජයේ කර්මාන්තශාලාව මේවනවිට හිමිකරගෙන සිටියි.

    නිෂ්පාදන හා සේවාවන්හි ගුණාත්මක භාවය, උසස් බව, ප්‍රමිතිය, අනුමත අමුද්‍රව්‍ය, කලට වේලාවට ලබාදිම, කල් පැවතීම කොළොන්නාව රජයේ කර්මාන්තශාලාවේ දක්නට ලැබෙන විශේෂත්වයයි. දැදුරු ඔය, අලිකොටාර, උමා ඔය පහළවීදිය, අට්ටික්කාව, පුළුකුණාව, කාංකාලිකුලම් යන වාරිමාර්ග පද්ධති, මාළිගාවිල සහ අවුකන බුදු පිළිම වහන්සේගේ ශීර්ෂයට ඉහළින් අව් වැසි ආවරණ සැකසීම, වැවි පද්ධති ආශ්‍රිත පානීය ජල පිරිපහදුව, මඩකළපුව, අම්පාර, වව්නියා වාරිමාර්ග පද්ධති ආශ්‍රිත දැවැන්ත ව්‍යාපෘති මේවනවිට ක්‍රියාත්මක කර අවසන්කර තිබේ.

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව විසින්, වාර්ෂිකව විදේශයන්ට ඇදීයන විශාල මුදල් ප්‍රමාණය නවතා ගැනීමට මේවනවිට සැලසුම් සකස්කර තිබේ. ඒ අනුව, ඉදිරියේදී රට තුළම එම මුදල් රැදෙනු ඇති අතර, එම මුදල් රටේ ඉදිරි දියුණුව උදෙසා ආයෝජනය කිරීමේ අවස්ථාවද එමගින් උදාකරනු ඇත.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිමල් පෙරේරා, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු කේ. පී. වතූගේ, නියෝජ්‍ය වැඩ අධ්‍යක්ෂ, ඉංජිනේරු බී. ටී. ඩී. ජයසිංහ, අධ්‍යක්ෂ අලෙවි, ඉංජිනේරු එස්. එන්. බී එම්. පද්මසිරි, වැඩ අධ්‍යක්ෂ ඉංජිනේරු ආනන්ද විජේසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම නිෂ්පාදන සහ සංවර්ධන අංශ ක්‍රියාත්මක කෙරේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya