ඔහු ඊයේ (01) සිය ෆේස්බුක් පිටුවෙහි වීඩියෝවක් පළකරමින් මෙලෙස අදහස් දැක්වීය.
ගිය වසරේ අප්‍රේල් මාසයේ රජය රසායනික් පොහොර ආනයනය තහනම් කිරීමට තීන්දු කළ බවද, ඒ අනූව 2021 මහා කන්නයේ හෙක්ටයාර ලක්ෂ 08ක් වගා කළ ගොවීන්ට කාබනික පොහොර භාවිතා කර කෘෂිකර්මාන්තයේ නියැලීමට සිදුවුණු බවද සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අමාත්‍යංශය විසින් නියමිත වේලාවට කාබනික පොහොර දීමට නොහැකි වීමත්,ගොවීන් දැනුවත් කිරීමට නොහැකි වීමත් හේතුවෙන් ගොවීන්ගේ නිෂ්පාදනයේ යම් අඩුවක් සිදුවූ බවයි.
නමුත් ගොවීන්ට අසාධාරණයක් වීමට ඉඩ නොදෙන බවත්, නිෂ්පාදනයේ යම් අඩුවක් සිදුවුවහොත් එය ප්‍රතිපූර්ණය කරන බවද එම කාලයේදී රජය පැහැදිලිව ප්‍රකාශ කළ බව අවධාරණය කළ කෘෂිකර්ම අමාත්‍යවරයා, ගොවීන්ගේ හානිය වෙනුවෙන් මුදලක් ලැබී ඇති බැවින් මහාකන්නයේ වගා කළ ගොවීන්ට ආර්ථික වශයෙන් කිසිදු හානියක් සිදුනොවන බවද පැවසීය.
මේ වන විට වී කිලෝ එක රුපියල් 90, 92 සහ 95 වැනි මුදලකට මිලදී ගන්නා බවද, ඒ අනූව වී සඳහා හොඳ මිලක් ලැබී ඇති බවද කියා සිටි අමාත්‍යවරයා, කිසිසේත් ගොවීන්ට ආර්ථික වශයෙන් වැටීමට ඉඩ නොදෙන බව රජය පැවසූ බවද, කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමා ගොවීන්ට අවාසියක් හෝ පාඩුවක් වීමට ඉඩ නොදෙන බවට ලබාදුන් සහතිකය අද ක්‍රියාවට නංවා ඇතැයිද, ජවිපෙ වැනි දේශපාලන පක්ෂ ගොවීන්ට බොරු කියමින් ඔවුන් නොමග යැවීමට ගන්නා උත්සහයන්ට හසු නොවන ලෙසද ගොවි මහතුන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.