පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    අ.පො.ස. (සා.පෙළ) සුදුසුකම් නොලැබූ සිසුන් වෘත්තීය පුහුණුවට යොමු කිරීමේ වැඩපිළිවෙලක්

    මාර්තු 02, 2022

    තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශනය හා මග පෙන්වීම මත කුසළතා , නිපුණතා හා තාක්ෂණික ඥාණයෙන් පිරිපුන් මනාව සම්පතක් බිහි කිරීමේ මූලික අපේක්ෂාව යටතේ පිහිටුවා ඇති මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව ශ්‍රම බලකාය සවිබල ගන්වමින් විරැකියාව අවම කර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට 2022 වසරේ  වැඩසටහන් හා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත.

    මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ‘’අ.පො.ස. (සා.පෙළ)  සුදුසුකම් නොලැබූ සිසුන් වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීමේ වැඩසටහන’’ යන මැයෙන් මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මියගේ සහ එහි අධ්‍යක්ෂ එස්. කේ.ඩබ්. සිසිර කුමාර මහතාගේ සහභාගීත්වයෙන් අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

    මෙහිදි මාධ්‍ය වෙත කරුණු දැක්වූ මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය; 2020 වසරේදී අ.පො.ස (සා.පෙළ) විභාගයට ඉදිරිපත් වූ 2021 ප්‍රථිඵල ලැබුණු දරුවන්ගෙන් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් නොළත් දරුවන් 98000ක් පමණ සිටින බවත් එම දරුවන්ගේ තොරතුරු ( දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ) විභාග දෙපාර්තමේන්තුවෙන් මේ වනවිට අප දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් බවද පැවසුවාය.

    තමුන්ගේ කැමැත්ත සහ හැකියාව අනුව ඔවුන් වෘත්තිය පුහුණු සඳහා යොමු කිරීමටත්, රැකියා අවස්ථා ගලපාදීමටත් ,රැකියාවලට අවශ්‍ය පුහුණුවලට යොමු කිරීමටත් අප දෙපාර්තමේන්තුව කටයුතු කරන බව හා ඒ සඳහා සම්බන්ධීකරණය කරන බවද අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

    ගුරුවරුන්ගෙන්,දෙමව්පියන්ගෙන් අප හා සම්බන්ධ වන ලෙස අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඉල්ලා සිටින අතර විශේෂයෙන්ම ඔබට ආසන්නතම ප්‍රාදේශිය කොට්ඨාසයේ සිටින වෘත්තිය මාර්ගෝපදේශ නිළධාරීන් හෝ මානව සම්පත් නිළධාරීන් මුණගැසීමෙන් ඔබට වෘත්තිය මට්ටමේ මාර්ගෝපදේශක් ලබා ගැනීමට හැකි බවද කීය.ජ

    ජීවිතයේ කඩඉමක් වන අ.පො.ස (සා.පෙළ) සහ අ.පො.ස (උසස්.පෙළ) විභාගයන් නොකිරීම ජිවිතය පරාජය වීමට හේතුවක් නොවන බව පැවසූ අනුෂා ගෝකුළ මහත්මිය , ඒ සඳහා බොහෝ අවස්ථා ඇති බවත් විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ගත්විට ජපානය ආදි රටවල් සඳහා විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් ඇති බවත් ඊට ජපන් භාෂාව හැදැරීමෙන් ජපන් රජය පවත්වන විභාගයට මුහුණ දී එම රැකියා අවස්ථාද ලබා ගැනීමට හැකි බවද පෙන්වා දුන්නාය.

    මෙම වැඩසටහන සම්බන්ධයෙන් සහ රැකියා අවස්ථා පිලිබදව හා පුහුණු අවස්ථා පිළිබඳව අප දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට වන ව්ව්ව්.ඩොමෙ.ගොව්.ල්ක් මගින් මේ තොරතුරඅ ලබා ගත හැකි බවද අප දෙපාර්තමේන්තුවේ වෘත්තිය යතුර යන නමින් පර්යේෂණයක් ඇති බවත් මේ සඳහා අපේ නිළධාරීන් සම්බන්ධ කර ගනිමින් දරුවා කුමන රැකියාවක් සඳහා සුදුසුද යන්න සොයා ගැනීමට හැකියාව ඇති බවත් කියා සිටියාය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya