ශල්‍යකර්ම සදහා භාජනය වන රෝගීන් සදහා අවශ්‍ය වන රෝගී සත්කාර පුටුවක් මෙන්ම රෝගී සත්කාර වෙනුවෙන් අවශ්‍ය වන මල්ටිපැරා මොනිටර්ස්, පේෂන් මොනිටර්ස් ඇතුලු වෛද්‍ය උපකරණ මෙහිදී පරිත්‍යාග කරන ලදි.
මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍ය ඒකකයේ සැත්කම්වලට භාජනය වන රෝගීන් සදහා අවශ්‍ය වන රෝගී සත්කාර පුටුවක් (පේෂන් චෙයාර්) මෙහිදී හෙල්ප් අයිකන් සංවිධානයේ සභාපති ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා විසින්ම හරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වෙත ලබාදුන් අතර කටුවන දිසා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සදහා අවශ්‍ය වන මල්ටිපැරා මොනිටරයක් රෝහල් කළමනාකරණ සේවා නිලධාරී රෝහණ ජයතිස්ස වීරසේකර මහතා වෙත ලබාදීමට කටයුතු කරන ලදි. කටුවන රෝහල විසින් අමාත්‍යතුමියගෙන් කරන ලද ඉල්ලීමක් අනුව තවත් මල්ටිපැරා මොනිටර්ස් දෙකක් බයෝමෙඩිකල් අංශයෙන් ලබා දෙන ලදි. මෙහිදී සිදුකරනු ලැබූ පරිත්‍යාගවල වටිනාකම රුපියල් මිලියනයකට ආසන්නය.
මෙම අවස්ථාවට හෙල්ප් අයිකන් සංවිධානයේ ප්‍රධාන ලේකම් තුසිත ජයවර්ධන, උප ලේකම් ගයාන් හේවානායක යන මහත්වරු ඇතුලු පිරිසක්ද එක්විය.