මෙම අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය සිකුරාදා (04) එමිරේට්ස් මුලස්ථානයේ දි අත්සන් කරනු ලබන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් අත්සන් තැබෙන මෙම අවබෝධතා ගිවිසුමට අනුව එමිරේට්ස් හා මෙරට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ සංචාරක සංවිධාන නියෝජිතයන් සහ මාධ්‍ය වේදින් සදහා ශ්‍රි ලංකාව හුරුකරවීමේ සංචාර සංවිධානය කිරිමට අපේක්ෂිතයි.
මෙම ගිවිසුම අත්සන් කෙරෙන්නේ වසරක කාලයක් සදහායි. වසරඉකුත් විමෙන් පසු අවබෝධතා ගිවිසුම යාවත්කාලින කර දිර්ඝ කරන බව ද ඇමතිවරයා කියයි.