එම පද්ධතිය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපයේ දී (මාර්තු 04 සහ 05 දින වල) ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වලාකුළින් බරව පවතී.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර, උතුරු-මැදසහ ඌව පළාත්වල මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹසහ ඌව පළාත්වලත් මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී (40-50) දක්වා වැඩි විය හැකි බව අද (3) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.