ශ්‍රී ලංකාවට ආවේණික පෝෂ්‍යදායි ආහාර වේලක් ගුවන් යානය තුලදී ලබාදීමට ඒ අනුව කටයුතු කරන බව එම සමාගම කියයි. මෙම දේශීය ආහාර වේල ඉදිරියේදී ක්‍රමානුකූලව ශ්‍රී ලංකන් ගුවන් යානා වලට හදුන්වා දීමට අපේක්ෂා කෙරේ.
මෙම ආහාර වේල හදුන්වාදීම පසුගිය සිකුරාදා (25) කටුනායක ගුවන්තොටුපලේ සෙරෙන්ඩිබ් ශාලාවේදී සිදුකෙරිණ. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතායි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කීවේ මෙරටට පැමිණෙන සංචාරකයෙකුට ශ්‍රී ලංකාව පිලිබද පලමු අත්දැකීම ලැබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් යානයක් තුලදී බවයි. එහිදී ඔවුන්ට දේශීය ආහාර වේලක අත්දැකීම ලබාදීමට කටයුතු කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බවද ඇමතිවරයා කිවේය.
මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යංශයේ ලෙක්ම් එස්.හෙට්ටිආරච්චි, ගුවන් තොටුපල හා අපනයන සැකසුම් කලාප රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශොක් පතිරගේ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, ගුවන්තොටුපල ගුවන්සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි යන මහත්වරුද සහභාගී වූහ.